බෝම්බ සොයා මෙහෙයුමක්

බෝම්බ සොයා මෙහෙයුමක්

October 17, 2018   10:35 pm

පුපුරණ ද්‍රව්‍ය ඇති බවට සැක කරන ළිඳක් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කිරීමට නියමිත බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ පුපුරණ ද්‍රව්‍ය පවතින බවට ප්‍රාදේශීය සභා සේවකයින් කළ දැනුම්දීමක් මත අදාළ ළිඳ පරීක්ෂා කිරීමට නියමිත බවයි.

ප්‍රාදේශීය සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් අදාළ ළිඳ ඊයේ(16) පිරිසිදු කිරීමට ජලය ඉවත් කොට ඇති අතර, එහිදි බෝම්බවලට සමාන උපරණයක් දැක ඇති බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ ලද තොරතුර මත පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය ළිඳ පරීක්ෂා කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.