ජනාධිපතිවරයාගේ සිත් වේදනාව ගැන රංජන් කියයි
October 17, 2018 08:05 pm
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සිත් වේදනාවෙන් අදහස් පළ කළ බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (17) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වුණේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
එය පැවැත්වුණේ වසර 04 කට පසුව වීමද විශේෂත්වයක් වන අතර ආණ්ඩුවේ සහ විපක්ෂ මන්තී‍්‍රවරු ඊට සහභාගී විය.
ආරක්ෂක අමාත්‍යාංශට අදාළ කරුණු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සඳහා විපක්ෂ නායක ආර්. සම්බන්දන්, අමාත්‍ය මහින්ද සමරසිංහ, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මයන්ත දිසානායක, රන්ජන් රාමනායක, එස්.එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරමින් විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන් ද, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියේය.