එන්න අපිත් එක්ක පැළයක් සිටුවන්න
October 17, 2018 07:48 pm
මනුසත් දෙරණ සොබාදහම් බලකාය ක්‍රියාත්මක කරන පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතයේ තවත් අදියරක් අද (17) පැවැත් වුණි.
ඒ දෙරණ මාධ්‍ය ජාලයේ 13 වන සංවත්සරයට සමගාමීව, එළැඹෙන 28 වනදා පැවැත්වීමට නියමිත පැළ මිලියනයක් සිටුවිමේ ජාතික වැඩසටහනට සමගාමිවයි.
මනුසත් දෙරණ නේචර් ෆෝස් බලකාය පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය ආරම්භ කළ අතර දෙරණ මාධ්‍ය ජාලයේ 13 වන සංවත්සරයට සමගාමීව එළැඹෙන 28 වනදා පැළ මිලියනයක් සිටුවීමේ මහෝත්සවය පැවැත්වේ.
එදින එම වැඩසටහන වෙනුවෙන් ටීවී දෙරණ අඛණ්ඩ පැය 6 ක ගුවන් කාලයක්ද වෙන්කර තැබේ.
මීට සමගාමීව දිවයින පුරා ප්‍රදේශ රැසක මේ වනවිට පැළ මිලියනයක් සිටුවීමේ ක්‍රියාන්විතයේ අදියර කිහිපයක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් සම්බන්ධ කරගනිමින් සිදු කරයි.
එහි තවත් අදියරක් ලෙස ශ්‍රී ලංකාවේ පැරණිතම පුවත්පත වන ඥානාර්ථ ප්රදීපයේ කර්තෘ ආචාර්ය කැමිලස් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනය ඇතුළු කාර්යය මණ්ඩලයට අද පැළ බෙදාදීම සිදු කෙරුණේය.