පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් UNPයේ මතය ස්ථාවරයි

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් UNPයේ මතය ස්ථාවරයි

October 17, 2018   07:34 pm

ඉදිරි පළාත් සභා මැතිවරණය, පැරණි මනාප ඡන්ද ක්‍රමයටම පැවැත්වීම පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අද (17) පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ,පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදා, අමාත්‍ය තලතා අතුකෝරළ 
සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන් එහිදි අදහස් දැක්වීය.