නාලක ද සිල්වාගේ වැඩ තහනම අනුමතයි

නාලක ද සිල්වාගේ වැඩ තහනම අනුමතයි

October 17, 2018   07:03 pm

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය වහාම  ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශය විසින් කළ නිර්දේශ ජාතික පොලිස් කොමිසම විසින් අනුමත කර ඇත. 

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් කළ තීරණයකට අනුව අදාල නිර්දේශය පොලීස් කොමිසම වෙත සිදු කළ බව වාර්තා වෙයි.