අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය ගැන දැනුම්දීමක්

අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය ගැන දැනුම්දීමක්

October 17, 2018   06:37 pm

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව ඔක්තෝබර් 20 වන දා නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරයේ දී එරට විදේශ ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජේෂ්ඨ දේශපාලනඥයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තරුණ කටයුතු, ව්‍යපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය  අර්ජුන රණතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍ය  කාර්යාලයීය නිලධාරීහු මේ සංචාරයට එක්වෙව බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.