බදු ගෙවීම ආදායම මංකොල්ල කෑමක් නෙමෙයි
October 17, 2018 05:07 pm
බදු ගෙවීම සිය ආදායම මංකොල්ල කෑමක් ලෙස නොව, සමාජ වගකීමක් ඉටු කිරීමක් ලෙස දැකිය යුතු බවද අමාත්‍යවරයා පවසා ඇත.
නිදහස් සෞඛ්‍ය, අධ්‍යානය, සමෘද්ධිය, පොහොර සහනාධාර ඇතුළු සියලු ම දේ ජනතාව ලබා දෙනු ලබන්නේ මෙම බදු ආදායමෙන් බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේ ම නව දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබා දීම සඳහා විෂයභාර ඇමත්යවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි ද මංගල සමරවීර මහතා පැවැසීය.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීවරුන්ගේ සංගමයේ 51 වැනි වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා අද (17) මේ බව කියා සිටියේ ය.
වැඩි දුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවේ මාස කීපයකට පෙර පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය ඇතිව ඉතිහාසයේ කිසිදු දිනක නොතිබුණු ඉතාම ශක්තිමත් රාමුවක් සහිත අළුත් දේශීය ආදායම් පනත හඳුන්වලා දුන් පවසයි.
නූතන ලෝකයට ගැළපෙන පරිද අපේ ආර්ථිකය ශක්තිමත් කරමින් සෘජු විදේශ ආයෝජන පවා ආවරණය වන පරිදි හඳුන්වා දුන් මෙම පනත දිගුකාලීනව රටේ සාර්ව ආර්ථිකයත්, මූල්‍ය ආදායමත් ස්ථාවර කිරීමට ඉවහල් වනු ඇතැයි ආණ්ඩු බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත පැවසීය.