තවත් සංශෝධනයකට කැබිනට් අනුමැතිය

තවත් සංශෝධනයකට කැබිනට් අනුමැතිය

October 17, 2018   03:40 pm

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුකූල වන පරිදි 2017 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

මෙම වසරේ අවස්ථා කිහිපයකදී සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධන අනුව පවතින අමාත්‍යාංශ සංඛ්‍යාව 43 ක් දක්වා අඩු වී ඇති බැවින් එම අමාත්‍යාංශවල විෂය පථයට අනුකූල වන ආකාරයෙන් පාර්ලිමේන්තුව විසින් පසුගිය දෙසැම්බර් මාසයේ දී අදාල විසර්ජන පනත සම්මත කරගෙන තිබේ.

එහි අඩංගු ප්‍රතිපාදන නව අමාත්‍යාංශ අතර බෙදාහැරීම මඟින් සංශෝධනය කිරීමට පැන නැඟුණු අවශ්‍යතාව මත පනවා ඇති සමස්ත වියදම් සහ උපරිම ණය ගැනීම් සීමාවන් වෙනසක් නොවන පරිදි එම විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.