ගෝඨාභයගේ පෙත්සම නැවත කැඳවීමට දින දෙයි
October 17, 2018 02:37 pm
ඉකුත් පාලන සමයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ මර්ශන කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් වසරේ ඉදිරිපත් කළ පෙත්සම නැවත නොවැම්බර් මස 02 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේය.
එම පෙත්සම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් දැනටමත් ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බව කියා සිටියේය.
ඒ අනුව පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබේද නැද්ද යන්න පිළිබඳ දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය ඉල්ලීම් කළේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරුන් එය නැවත නොවැම්බර් මස 2 වනදා කැඳවීමට නියම කළ අතර එදින පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් තිබේද නැද්ද යන්න අධිකරණය දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයාට නියම කළේය.