දෙමළ සන්ධානය අද ජනපති හමුවෙයි

දෙමළ සන්ධානය අද ජනපති හමුවෙයි

October 17, 2018   01:43 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පැවැත්වීමට නියමිතයි.

අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධාන නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් එක් වීමට නියමිතයි.

මෙවර අයවැයට ඡන්දය ලබා නොදීමට දෙමළ ජාතික සන්ධානය මේ වනවිට තීරණය කර තිබේ.

කෙසේවෙතත් අද දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේය.

මීට අමතරව උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් ගැටලුව සහ දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධ ගැටලුවද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.