බිඳවැටුණු YOUTUBE කණගාටුව පළ කරයි

බිඳවැටුණු YOUTUBE කණගාටුව පළ කරයි

October 17, 2018   12:13 pm

ලොව පුරා බිඳවැටීමට ලක් වූ “යූ ටියුබ්” සමාජ ජාල වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කර තිබේ.

ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියක් වන“යූ ටියුබ්” බිඳ වැටීමට ලක්ව තිබූ අතර මේ හේතුවෙන් පරිශීලකයින්ට එම වෙබ් අඩවිය වෙත පිවිසීමට නොහැකි වී තිබුණි.

කෙසේවෙතත් පැයක පමණ කාලයකින් පසුව එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට යූ ටියුබ් සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

හදිසි බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා පරිශිලකයින්ට සිදුවූ අපහසුතාව පිළිබදව යු ටියුබ් සමාගමේ ප්‍රධානි සුසෑන් වොජ්සිස්කි කණාගාටුව පළ කර ඇති නමුත් බිඳ වැටීමට හේතු වු කරුණු පිළිබඳ අනාවරණයක් සිදු කර නොමැති බව සඳහන්ය.