ඉන්දියාවේ රෝ සංවිධානය තමයි මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ

ඉන්දියාවේ රෝ සංවිධානය තමයි මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ

October 17, 2018   10:51 am

තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහ දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන "ද හින්දු" පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මොදි මහතා කිසිවක් නොදන්නා බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදි පවසා ඇති බවද එම වෙබ් අඩවියයේ සඳහන් වේ.

රෝ සංවිධානය සිදු කරන එම කුමන්ත්‍රණය ඇමේරිකාවේ සී.අයි.ඒ සංවිධානය ඇමේරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නොදැනුවත්ව සිදුකරන මෙහෙයුමක් වැනි බව  ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම කැබිනට් හමුවේදි පවසා ඇති බවද  එම පුවතේ සඳහන් වේ.