අපිත් එක්ක ගසක් සිටුවන්න ඔබත් සූදානම් වන්න

අපිත් එක්ක ගසක් සිටුවන්න ඔබත් සූදානම් වන්න

October 17, 2018   09:21 am

මනුසත් දෙරණ සොබාදහම් බලකාය ක්‍රියාත්මක කරන පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතයේ එක් අදියරක් ඊයේ(16) පැවැත්වුණි. 

ඒ දෙරණ මාධ්‍ය ජාලයේ 13 වන සංවත්සරයට සමගාමීව, එළැඹෙන 28 වනදා පැවැත්වීමට නියමිත පැළ මිලියනයක් සිටුවිමේ ජාතික වැඩසටහනට සමගාමිවය.

මනුසත් දෙරණ නේචර් ෆෝස්  බලකාය පැළ මිලියනයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය  ආරම්භ කළ අතර දෙරණ මාධ්‍ය ජාලයේ 13 වන සංවත්සරයට සමගාමීව එළැඹෙන 28 වනදා පැළ මිලියනයක් සිටුවීමේ මහෝත්සවය පැවැත්වෙයි.

එදින එම වැඩසටහන වෙනුවෙන් ටීවී දෙරණ අඛණ්ඩ පැය 6 ක ගුවන් කාලයක්ද වෙන්කරයි.

මීට සමගාමීව දිවයින පුරා ප්‍රදේශ රැසක මේ වනවිට පැළ මිලියනයක් සිටුවීමේ ක්‍රියාන්විතයේ අදියර කිහිපයක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් සම්බන්ධ කරගනිමින් සිදු කරනු ලබයි.

එහි එක් අදියරක් අද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණි.