YOUTUBE අක්‍රීය වෙයි

YOUTUBE අක්‍රීය වෙයි

October 17, 2018   07:45 am

ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ.

අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි.

යූ ටියුබ් අඩවිය වෙත පිවිසුණු විට එය ක්‍රියාත්මක නොවන බවට දැනුම්දීමක් සිදු වන බව වාර්තා වෙයි.

යූ ටියුබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අදාළ සමාගම ප්‍රකාශ කර තිබේ.

 යූ ටියුබ් ටීවී සහ යූ ටියුබ් මියුසික් අඩවි ද ක්‍රියාත්මක නොවන බව සඳහන්ය.