වාසුදේව සහ කුමාර වෙල්ගම ප්‍රකාශ කරන්නේ සැලැස්මකට

වාසුදේව සහ කුමාර වෙල්ගම ප්‍රකාශ කරන්නේ සැලැස්මකට

October 17, 2018   05:00 am

වාසුදේව නානායක්කාර හා කුමාර වෙල්ගම යන මන්ත්‍රිවරු  ප්‍රකාශ සිදුකරන්නේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සැලැස්මකට අනුව බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඔහු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දිම සඳහා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඔහු මේ බව සඳහන් කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කතරගම රක්ෂිතයේ බංගලාවක් ඇති බවට පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කළ  පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.