ජී එල් පීරිස් පිනට පත්වන මන්ත්‍රීවරයෙක්

ජී එල් පීරිස් පිනට පත්වන මන්ත්‍රීවරයෙක්

October 16, 2018   10:01 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී එන තුරු තම පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා නොකරණ බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ සභාපති අචාර්ය ජී .එල් .පීරිස් මහතා පවසා ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වනදා  අම්බලන්තොට මල්පෙත්තාව  ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්ය.

ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ  අචාර්ය ජී එල් පීරිස් මහතා සමඟ තම පක්ෂට සාකච්ඡා කිරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

අචාර්ය ජී .එල් .පීරිස් මහතා කිසිඳු තනතුරක් දරන්නෙ නොමැති බවත් සැම වාරයකම පිනට පත්වෙන මන්ත්‍රීවරයෙක් බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.