රත්ත්‍රං කිලෝවක් සමඟ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් රේගු දැලේ

රත්ත්‍රං කිලෝවක් සමඟ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් රේගු දැලේ

October 16, 2018   09:09 pm

ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමිකරුවෙක් බව සඳහන් වේ.

 එහෙත් ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුව සිටි පුද්ගලයෙක් බවදවාර්තා වී ඇත.

ඔහු අද දහවල් 1.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 428 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Chanel)
ඔස්සේ පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

 ඔහු තමා ඇද සිටි ඇදුම් අතර පාර්සල හතරකට සකස් කළ රුපියල් 66,35,610 ක් වටිනා කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 206 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටි බව රේගුව පවසයි .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු නිළධාරින් විසින් සිදු කරණු ලබයි.