ජීවිත 10ක් බිළි ගෙන 9ක් වමාරයි

ජීවිත 10ක් බිළි ගෙන 9ක් වමාරයි

October 16, 2018   12:23 pm

මීගහකිවුල ප්‍රදේශයේ නිවසක කුකුල් කොටුවකට අද (16) උදෑසන කඩා වැදුණූ දැවැන්ත පිඹුරෙකු කුකුල් කූඩුවේ සිටි කුකුල් පැටවුන් දස දෙනෙකු ගිල දමා ආපසු කැලෑවට යා ගැනීමට නොහැකිව කොටුවේ සිට තිබේ.

කුකුලන්ට කෑම දීම පිණීස නිවැසි කාන්තාව කුකුල් කූඩුව අසලට එනවිට එහි  සිටි කුකුල් පැටවුන් සියල්ල අතුරුදහන්ව සිටි බැවින් ඒ පිළිබඳ සොයා බැලීමේදී කූඩුවේ මුල්ලක දඟර ගසාගෙන සිටි මෙම දැවැන්ත පිඹුරා දැක ඇත.

කුකුල් පැටවුන් ගිල දැමීමෙන්  ටිකටික වෙලාවකට පසුව පැටවුන් නව දෙනෙකු වැමෑරෑ බවද නිවැසි කාන්තාව පැවසුවාය.

ආපසු යාගත නොහැකිව කුකුළු කූඩුවේ සිර වී සිටි පිඹුරා පිළිබඳ නිවැසියන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද පියවර ගෙන ඇත.