අලි රොෂාන් ඇතුළු 7කට සිතාසි

අලි රොෂාන් ඇතුළු 7කට සිතාසි

October 16, 2018   08:41 am

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා මත නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට ලබන 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම නියෝගය කර ඇත.

එසේ චෝදනා ලබා සිටින සෙසු විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙක් වන උපාලි පද්මසිරි අලි ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව සිටි ලිපිකාරිණියක වන ප්‍රියංගිකා සංජීවනී ද ඇතුළත්ය.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනෙකු සන්තකයේ තබාගෙන  ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා විසින් චෝදනා විසි හතරක් යටතේ මෙම නඩුව ගොනු කර අති බව වාර්තා වේ .