අස්ථාවර ආණ්ඩුවක් නෙවෙයි ස්ථාවර ආණ්ඩුවක්
October 16, 2018 08:22 am
මේ ආණ්ඩුව සැලකිය යුතු වැඩ කොටසක් කර තිබෙන බවත් අඩුපාඩු තිබුනත් ඒවා හඳුනගෙන අපි රටක් ලෙස ඉස්සරහට යෑම ආණ්ඩුවේ බලාපොරොත්තුව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වනදා අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්ය.
මේ දිනවල භාරකාර ආණ්ඩු , සභාග ආණ්ඩු ගැන විමසන බවත් අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේන කිසි විටකත් ඉවත් නොවන බවත් සන්ධාන ආණ්ඩුවක් ලෙස සිටිමින් ජනතාවට සේවය කරණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.