ලබන වසරේ සිට හාල්වලටත් සහතික මිලක්

ලබන වසරේ සිට හාල්වලටත් සහතික මිලක්

October 16, 2018   07:46 am

ලබන වසරේ සිට සහල් සඳහා සහතික මිලක් පැනවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

වෙළෙඳපල තුළ  සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් වෙළෙඳපලේ පවතින මිලට වඩා රුපියල් 10කින් සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් මේ වන විට එකඟතාව පල කර  ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර වී අලෙවි මණ්ඩලය විසින් ලබන මාසයේ සිට පී.එම්.බී.රයිස් නමින් වෙළෙඳපලට සහල් නිකුත් කිරීමට ද සැලසුම් කර තිබේ.

කිලෝග්‍රෑම් පහ සහ කිලෝග්‍රෑම් දහය වශයෙන් අදාළ සහල් වෙළදපලට නිකුත් කිරීමට නියමිත අතර සතොස සහ සුපිරි වෙළෙදසැල් හරහා ඒවා අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.