ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය දැයෙන් සමුගනී

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ පළමු මහාචාර්යවරිය දැයෙන් සමුගනී

October 16, 2018   07:00 am

ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ(15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය.

ප්‍රවීන ගායන ශිල්පි දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස සැලකෙයි.