නිධන් ගොඩ දැමූ 6කට 50,000 බැගින් දඩ

නිධන් ගොඩ දැමූ 6කට 50,000 බැගින් දඩ

October 16, 2018   06:21 am

ආණමඩුව - උප්පලවත්ත ප්‍රදේශයේදී නිධානයක් ගොඩදැමීමට උත්සාහ කළ බව කියන 06 දෙනෙකුට ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂ 03 ක දඩ මුදලක් නියම කර තිබේ.

මෙසේ දඩ නියම වූයේ ආණමඩුව - මහඋස්වැව පදිංචිකරුවන් වන එච්.එම්.බුද්ධික ධනංජය හේරත්,සී.තිලක් ප්‍රේමසිරි,පුත්තලම-කිව්ල පදිංචිකරුවෙකු වන බී.ජී.නලීන් සුසන්ත,ආණමඩුව-වෙම්බුවැව පදිංචිකරුවෙකු වන එම්.සිරිනන්ද, ආණමඩුව-පෙරියකුලම පදිංචිකරුවෙකු වන ප්‍රියලාල් රාජපක්ෂ,සහ ආණමඩුව-උප්පලවත්ත පදිංචිකරුවෙකු වන ආර්.පී.ඩී.දිනේෂ් කුමාර නම් අයවළුන්ටය.

චුදිතයින් විසින් ආණමඩුව පොලිස් වසමේ උප්පලවත්ත ප්‍රදේශයේදී පුරා විද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් තුළ නිධානයක් ගොඩ දැමීමට සුදානම් වෙමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

චුදිතයින් විසින් නිධානය ගොඩ දැමීම සඳහා එම ස්ථානයට ගෙනවිත් තිබියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබූ ස්කෑනර් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ කීපයක්ද රාජාසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කලාය.

ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමළල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබුණි.

ආණමඩුව පොලීසියේ පොලිස් කොස්තාපල් 24055 අතපත්තු මහතා පැමිණිල්ල ඉදිරිපත් කරන ලදි.

නීතිඥ නද්දි නවාවි මහතා චූදිතයින් වෙනුවෙන් පෙනී සිටියේය.