ඔලුවිල් වරායේ විරෝධයක්

ඔලුවිල් වරායේ විරෝධයක්

October 12, 2018   10:26 pm

ඔලුවිල් වරායේ වැලි ඉවත් නොකරන ලෙස ඉල්ලා ඔලුවිල් ප්‍ර‍දේශයේ ජනතාව අද (12) දහවල් ජුම්මා දේව මෙහෙයන් පසුව විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබිය.

ඔලුවිල් වරායේ පිවිසුම් මාර්ගයේ මෙම විරෝධය පැවැති අතර මෙම විරෝධයට විශාල පිරිසක් සහභාගි විය.

මෙහිදි විරෝධතා කරුවන් පැවසුවේ ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් පසුව තම ගම්මානය මුහුදට සේදි යන බවය.

 දැනටමත් අක්කර 10ට වැඩි ප්‍රමාණයක් මුහුදු ඛාදනයට ලක්ව ඇති බවද ඔවුන් බවසයි.

දැනට මුහුදු ඛාදනය නිසා පොල් ගස් 500 ක් පමන මුහුදට විනාශ වී ඇති බවද ඔවඅනි ප්‍රකාශ කළේය.

වරායේ වැලි ඉවත් නොකරන ලෙස ඉල්ලා තමන් ආරම්භ කරන ලද සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වන බවද සදහන් කරයි.