ඩොලරය රු173 ට ළං වෙයි
October 12, 2018 09:35 pm
දිගින් දිගටම ශක්තිමත් වෙමින් පවතින එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.
එහිදී ඩොලරයක විකුණුම් මිල රු. 173 ආසන්නයට පැමිණ තිබේ.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 169.0186 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 172.9000 ක් ලෙසින් සටහන් විය.