මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණු කාලය දිගු වෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණු කාලය දිගු වෙයි

October 12, 2018   09:07 pm

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු ඩිප්ලෝමා ලබා ගැනීම සිදු කරන පිරිසට ඉදිරියේ දී උපාධි ප්‍රදානය දක්වාම අවශ්‍ය සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 630 කට ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

උත්සවය කොළඹ ගලධාරි හෝටලයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණු කාලය වසර 02 දක්වා වැඩි කිරීමේ චක්‍රලේඛය ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කර ඇත. 

මෙතෙක් ඔවුන්ට ලබාදුන්නේ වසර එකහමාරක පුහුණුවක් පමණි. 

මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් 495 කට ද, දන්ත කාර්මික ශිල්පීන් 07 කට ද, දන්ත චිකිත්සක ශිල්පීන් 132 කට ද, ඩිප්ලෝමා සහතික මෙහිදී ප්‍රදානය කර ඇත.