ප්‍රථම වරට කෘතීම දණහිස් බද්ධයක්
October 12, 2018 06:58 pm
ප්‍රථම වරට මූලික රෝහලක් තුළ ආතරයිටීස් රෝගියෙක් සඳහා කෘතීම දණහිස් බද්ධයක් සිදුකළ පුවතක් මහනුවර තෙල්දෙණියෙන් වාර්තා වුණි.
තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළේ මෙම ශල්‍ය කර්මය සාර්ථකව අවසන් කළ බවයි.
කලක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි වයස අවුරුදු 64 ක්වන කාන්තාවකගේ දණහිසක් සඳහා කෘතීම දණහිසක් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් ඊයේ(11) තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේදී සිදු කෙරුණි.
ආතරයිටීස් රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා අදාළ කාන්තාව නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එම රෝහලේ ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් රෝගියා තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලට මාරු කරනු ලැබුවේය.
පසුව නාවලපිටිය රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය මොහාන් බන්නැහැක මහතා ඇතුළු වෛද්‍යවරුන් හය දෙනෙකුගේ සහ හෙදියන් සිවු දෙනෙකුගේ මූලිකත්වයෙන් ඊයේ තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ දී අදාළ කාන්තාවට මෙම කෘතීම දණහිසක් බද්ධ කිරීම සිදු කර තිබේ.