සයුරෙන් එතෙර
ලොව දීර්ඝතම මගී ගුවන් ගමන අවසන්
October 12, 2018 06:06 pm
ලොව දීර්ඝතම සෘජු මගී ගුවන් ගමන අවසන් කරමින් සිංගප්පූරු ගුවන් සමාගමට අයත් යානය ඇමෙරිකාවේ නිව්යෝර්ක් ගුවන්තොටුපලට ගොඩබස්වා තිබේ.
මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩල 17 දෙනෙකු රැගත් SQ 22 දරන යානය සිංගප්පූරු ගුවන්තොටුපලෙන් ගමන් ආරම්භ කළේය.
ඒ අනුව කිලෝමීටර් 15,000කට වැඩි දුරක් ගෙවා යමින් එම යානය නිව්යෝර්ක් ගුවන්තොටුලට ළඟා වී ඇති අතර ඒ සඳහා පැය 17කුත් මිනිත්තු 52ක පියාසර කාලයක් ගතවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ගුවන් ගමන සඳහා පැය 19ක පමණ පියාසර කාලයක් ගතවනු ඇති බවට මීට පෙර අපේක්ෂා කර තිබුණි.