අද රෑ සිට සීනිවල ගණන් බහී
October 12, 2018 04:59 pm
අද(12) රාත්‍රීයේ සිට සුදු සීනි මිල පහත දමන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පවසයි.
ගැසට් නිවේදන 2ක් මඟින් මෙය නිවේදනය කර තිබේ.
ඒ අනුව වෙළෙන්දන්,බෙදාහරින්නන්, සැපයුම්කරුවන් ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක විකිණිය යුතු උපරිම මිල රුපියල් 100 ක් වන අතර, ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 105 ක් වෙයි.
කිසිම ආනයනකරුවෙක් සුදු සීනි කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 92 කට වඩා වැඩි මිලකට වෙළෙඳම් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතුයි.
සුදු සීනි මිල වැඩිවීම පිළිබඳව ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාව විසින් සිදු කරන ලද අධ්‍යනයේ වාර්තාව හා නිර්දේශ මත පදනම්ව සුදු සීනි මිල පහල දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.
ගැසට් පත්රයන් හි සඳහන් උපරිම මිල ගණන් ඉක්මවා සුදු සීනි ආනයනය කරන, විකිණීම සඳහා ඉදිරිපත් කරන, විකිණීම සඳහා ප්‍රදර්ශනය කරන, විකිණීම සඳහා සැපයීම සිදු කරන වෙළෙන්දන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් මෙන්ම ආනයනකරුවන්ට ද එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි.