බෝම්බ බියක් නිසා බාලිකා විදුහලක් කැලඹෙයි

බෝම්බ බියක් නිසා බාලිකා විදුහලක් කැලඹෙයි

October 12, 2018   03:10 pm

මීගමුව, නගරයේ ප්‍රධාන බාලිකා විද්‍යාල පරිශ්‍රයේ කාල බෝම්බයක් ඇති බවට විද්‍යාලීය විදුහල්පතිනියට අද(12) පෙරවරුවේ ලැබුණු නිර්ණාමික දුරකතන ඇමතුමක් හේතුවෙන් විද්‍යාලය තුළ යම් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණි.

බාලිකා විද්‍යාල පරිශ්‍රය තුළ කාල බෝම්බයක් ඇති බවටත්, විනාඩි 20ක් තුළ පාසලේ ශිෂ්‍යාවන් ඉන් ඉවත් කරගන්නා ලෙසටත්, ලද නිර්ණාමික දුරකතන ඇමතුමක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබුණි.

විදුහල්පතිනියට ලැබුණු මෙම දුරකථන ඇමතුම හේතුවෙන් විද්‍යාලයට තුළ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගතවූ අතර විදුහල තුළ සිටි ශිෂ්‍යාවන් සියලු දෙනා ආරක්ෂිත පිට්ටනියක් කරා රැගෙන යාමට විදුහල්පතිනියට ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් ලැබුනු නිර්ණාමික දුරකතන ඇමතුම හා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.