ලුණුගම්වෙහෙර දී බස් රථ අනතුරක්-50 ක් රෝහලට

ලුණුගම්වෙහෙර දී බස් රථ අනතුරක්-50 ක් රෝහලට

October 12, 2018   01:01 pm

හම්බන්තොට- වැල්ලවාය ප්‍රධාන මාර්යේ ලුණුගම්වෙහෙර බස් නැවතුම් පොළ ආසන්නයේ සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයින් 50 කු තුවාල ලබා තිබේ.

අද(12) දහවල් 12ට පමණ මෙම අනතුර සිදුව ඇත.

මාතර සිට අම්පාර බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් හා දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනයවු ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

බස් රථ අනතුරින් බස් රථ දෙකෙහිම රියදුන් ඇතුළු පුද්ගලයින් 50 ක් පමණ තුවාල ලබා ලුණුගම්වෙහෙර , දෙඹරවැව හා හම්බන්තොට රෝහල්වලට මේ වන විට ඇතුළත් කර තිබේ.

ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.