වල්ලපට්ටා රට ගෙනියන්න හදපු අයෙකුට වැඩ වරදියි

වල්ලපට්ටා රට ගෙනියන්න හදපු අයෙකුට වැඩ වරදියි

October 12, 2018   12:47 pm

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ 

අද(12) දින අළුයම ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින්  අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවය ගත් පුද්ගලයා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අද අළුයම 4.00 ට බහරේන් හරහා ඩුබායි බලා පිටත්ව යන ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී.එෆ්.-139 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුනක මෙම රුපියල් 23 ලක්ෂයක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 23 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .