බෙන්තොට මුහුදේ ගිලී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරුට

බෙන්තොට මුහුදේ ගිලී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරුට

October 12, 2018   11:59 am

බෙන්තොට පොලිස් වසමේ, බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු රළ පහරට හසුව ගසා ගෙන ගොස් දියේ ගිලී මිය ගොස් තිබේ.

ඊයේ(11) සවස 5.15 ට පමණ මෙය සිදුව තිබේ.

තවත් පුද්ගලයෙකු ඔහු සමඟ දියේ ගිලී ඇති අතර, එම පුද්ගලයා මේ වන විට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 49 ක් වු බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිචට් ඇන්ඩ්‍ර නැමැති අයෙක් වන අතර, තුවාල ලබා ඇති පුද්ගලයා වයස අවුරුදු 51 කි.

මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.

බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.