හැර යන ජීවිත අතරේ  උගුලකට හසුවූ දැවැන්තයෙක්ට ප්‍රතිකාර

හැර යන ජීවිත අතරේ උගුලකට හසුවූ දැවැන්තයෙක්ට ප්‍රතිකාර

October 12, 2018   11:29 am

බුත්තල, ඔක්කම්පිටිය ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුළ උගුලකට හසුවී සිටි වන අලියෙකු බේරා ගැනීමට මොණරාගල අඩවි වනජීවි නිලධාරී කාර්යාලය හා උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය කාර්යාලයට හැකිවී තිබේ.

මොණරාගල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම මෙම අලියා සොයාගෙන ඇත.

සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මද්දකට හසුව සිටි මෙම වන අලිය බේරා ගැනීමේ මෙහෙයුමක් ඊයේ(11) උදෑසන දියත් කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

පැය කිහිපයක මෙහෙයුමකින් පසු මෙම වන අලියා බේරා ගෙන ප්‍රථිකාර කර නැවතත් එම රක්ෂතටය මුදා හැරිය බව මොණරාගල වනජීවී කාර්යාල පැවසීය.