හොර සල්ලි ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

හොර සල්ලි ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

October 12, 2018   11:26 am

රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වඩුක්කෝට්ටෙයි පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ව්‍යාජ මුදල් නෝට්ටු තොඟය යතුරුපැදියකින් ප්‍රවාහන කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 21ක් සහ රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් සොයාගෙන තිබේ.

නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදාගත් ලැප්ටොප් යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩිඉරිප්පු හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.