හොර ලියවිල්ලකින් දුර ගමනක් ගිය අහිසංකයින් හත් දෙනෙක්

හොර ලියවිල්ලකින් දුර ගමනක් ගිය අහිසංකයින් හත් දෙනෙක්

October 12, 2018   09:09 am

ව්‍යාජ ලියකියවිලි  සකස් කරමින් හැටන් සිට නොර්වුඩ් සිට වවුනියාව මන්කුලම් දක්වා ගවයන් හත් දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබු ලොරි  රථයක් සහ සැකකරුවන් දෙදෙනෙකු හැටන් කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (11) රාත්‍රී 10ට පමණ හැටන් නොර්වුඩ් සිටි වවුනියාව මන්කුලම් දක්වා මෙම ගවයන් හත් දෙනා ලොරි රථයේ නංවා ප්‍රවාහනය කරමින් සිට ඇත.

හැටන් නගරයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ රථ වාහන පරික්ෂා කිරිමේ රාජකාරිවල නිරතව සිටි හැටන් කොට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරින් විසින් හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජමිල් මහතාගේ උපදෙස් පරිදි ගවයන් හත් දෙනා , සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ලොරි රථය තුළ එළ ගවයන් පස් දෙනෙකු සහ පැටවුන් දෙදෙනෙකු හිංසාකාරි ලෙස ගැට ගසා තිබු බවත්, මෙම ගවයන් සත්ත්ව ගොවිපලකට රැගෙන යන බව සැකකරුවන් පවසා තිබේ.

එය තහවුරු කිරිමට ප්‍රමාණවත් නිත්‍යානුකුල ලියකියවිලි සැකකරුවන් සන්තකයේ නොතිබුණු බව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ලොරි රථයට සහ ගවයන් අද (12) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.