මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

October 12, 2018   07:15 am

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රීවරයා පවසන්නේ මැතිවරණයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කිරීමට හැකි එකම පියවර එය පමණක් බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.