පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්

October 12, 2018   07:05 am

තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වූ වැඩමුළුව අද(12) ආරම්භ වීමට නියමිතයි.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී තෙදිනක් පුරා වැඩමුළුව පැවැත්වීමට නියමිතයි.

තිරසර සංවර්ධන ඉලක්ක කෙරෙහි සූදානම් කිරීම හා ඒකාබද්ධ කිරීම, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා අමතර උපායමාර්ග, යන්ත්‍රන හා සහයෝගිතාවන් හදුනාගැනීම මෙහි අරමුණයි.

2030 තිරසර සංවර්ධනය සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කමිටුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අන්තර් පාර්ලිමේන්තු එකමුතුව විසින් මෙම වැඩමුළුව සංවිධාන කර තිබේ.