මැතිවරණය ගැන පක්ෂ නායකයින් හා මහින්ද අතර සාකච්ඡාවක්

මැතිවරණය ගැන පක්ෂ නායකයින් හා මහින්ද අතර සාකච්ඡාවක්

October 11, 2018   10:59 pm

පළාත් සභා මැතිවරණය පැවැත් වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල නායකයින්ගේ හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර සාකච්ඡාවක් අද(11) පැවැත් විය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත් වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලඹීමට නොහැකි වු බව පක්ෂ නායකයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව සඳහා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්කළ ඇති අතර එම කමිටුවේ මාස දෙක අවසන් වූ පසු වහාම එම කමිටු වාර්තාව ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රෙය් පළ කළ වහාම මැතිවරණයක් පැවැත්විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මේ අතර මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව අවසන් එකඟතාවයකට නොපැමිණි බව නිතීඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය කිසිවිටක මැතිවරණ පස්සට අදින්නේ නැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.