නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ තීරණය හෙට

නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ තීරණය හෙට

October 11, 2018   10:08 pm

නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (12) රැස්වීමට නියමිතය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා සඳහා අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට මධ්‍යහන 12 ට පළමුවරට රැස්වීමට නියමිතයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා අතරට, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත් වේ.