අච්චුවේලිවලින් මිනිස් අස්ථි කොටස් මතුවෙයි

අච්චුවේලිවලින් මිනිස් අස්ථි කොටස් මතුවෙයි

October 11, 2018   09:48 pm

යාපනය, අච්චුවේලි මාර්ගයක් ආසන්නයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරී‍මේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි.

අච්චුවේලි පත්තමේනි සූසෙයප්පර් වීදිය ප්‍රදේශයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරීමේදී අදාළ අස්ථි කොටස් හමුවි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වෙත ලද තොරතුරු මත පොලිසිය අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ බවද පොලීසිය පැවසීය.

පොලිසිය පැවසුවේ යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හා අධිකරණ නියෝග යටතේ යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා අදාළ ස්ථානය සම්බන්ධයෙන් හෙට(12) පරීක්ෂා කිරීමට නියමිත බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.