සමෘද්ධි නිලධාරීන්ට සුභ ආරංචියක්
October 11, 2018 09:37 pm
මේ වසර අවසන් වීමට පෙර සමෘද්ධි නිලධාරීන්ට පත්වීම් ලබා දීමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතා එම තනතුරින් ඉවත් වීම සමෘද්ධි නිලධාරීන්ගේ පත්වීම් ස්ථිර කිරීම සඳහා කිසිඳු බාධාවක් නොවන බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවති සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ සමෘද්ධි නිලධාරීන් 27000ක් සිටින බවත් ඒ අතරින් කිසිදු කෙනෙකුට ස්ථීර පත්වීම් ලබා දී නොමැති බවයි.