කෙරෙන කල් නොදන්න සභාග ආණ්ඩුව

කෙරෙන කල් නොදන්න සභාග ආණ්ඩුව

October 11, 2018   06:53 pm

හැකි ඉක්මණින් ආණ්ඩුව පෙරළා දැමිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේ පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සහ කරන කුමන්ත්‍රණය පොලීසිය මැදිහත් වී සිදු කර ඇති බවත්, එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලබන්නේ තෝරා ගනු ලැබූ ඒවා පමණක් බවත් අද වන විට අධිකරණය ඇස් ඇර මෙම තත්ත්වය දෙස බැලිය යුතු බව ද කියා සිටියේය.
  
වත්මන් ආණ්ඩුව හැකි ඉක්මනින් ඉවත් කර ගැනීම විපක්ෂය ලෙස සිදු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදි මාධ්‍යෙව්දින් නැගු ප්‍රශ්න සඳහා ද හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ, සභාග ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඇති බවත් එය සිදු වන තෙක් කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද කියා සිටියේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද පස්වරු 5ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදි ඒ ආරම්භ විය.