බාබුල් කාපු මගියා ජීවිතය හැර යයි

බාබුල් කාපු මගියා ජීවිතය හැර යයි

October 11, 2018   06:14 pm

හැටන් දුම්රිය ස්ථනයේ සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබු රාත්‍රී හැටන් දුම්රිය ස්ථනයට පැමිණි මඟියෙකු හැටන් දුම්රිය ස්ථනයේදි ජිවිතක්ෂයට පත් වු බව හැටන් පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සුප්පයියා මර්දන් සිවලිංගම් නැමති 48 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු ඔහුගේ පවුලේ අය සමඟ හැටන් හැටන් ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ කොටුව දක්වා යාමට හැටන් දුම්රිය ස්ථනයට පැමිණි අවස්තාවේ හැටන් දුම්රිය ස්ථනයේ වේදිකාවේ අසුන්ගෙන සිටියදි ඔහු ඊයේ(10) රාත්‍රී ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලීසිය සඳහන් කරයි.

මරණකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඉනෝකා රත්නායක මහත්මිය විසින් අද (11) පැවැත්වු අතර, එහිදි අධිකරණ විශේෂඥ වෛද්‍යවරිය විසින් මෙම මරණයට හේතුව වශයෙන් දක්වා ඇති බාබුල් නැමති මත් බුලත් විට කැම නිසා එම බුලත් විට ශ්වසනාලයේ සිර වීමෙන් මෙම මරණය සිදු වි ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය පැවැත් වු හැටන් නගරයේ හදිසි මරණ පරික්ෂක ෆසිර් මොහොමඩ් මහතා හැටන් පොලීසියට උපදෙස් දි ඇත්තේ හැටන් නගරයේද පාසල් ළමුන් ඇතුළු තරුණයන් ඉලක්ක කර ගනිමින් ඇතැම් වෙළදසැල් වෙත මෙම බාබුල් නැමති මත් බුලත් විට ඉතා සුක්ෂම ලෙස අලෙවි කරන බැවින් එම බුලත් විට කැමෙන් පාසල් ළමුන් සහ තරුණයන් මුදාවා ගැනිමට ක්‍රියා කරන ලෙසයි.