මුවින් ජීවිතයේ කඩයිම ජයගත් පුංචි දියණියක්

මුවින් ජීවිතයේ කඩයිම ජයගත් පුංචි දියණියක්

October 11, 2018   05:29 pm

කටින් පෑන හසුරවමින් අකුරු ලියා ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා ගැනිමට මාවනැල්ලේ කොටගල විශේෂ පාසලේ දිනුෂා බණ්ඩාර දියණියට හැකියාව ලැබි තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නු දරුවන් ගැන මුළු රටේම අවධානය යොමු වන මොහොතක කායික අබාධිත දියණියක් කටින් අකුරු ලියා මෙලෙස ඉහළ ලකුණු ලබා ඇත්තේ මුල් වතාවටයි. 

කටින් අකුරු ලිවිම හා චිත‍්‍ර ඇඳීමට දක්ෂතා පෙන්වන ඇය බොහෝමයක් කටයුතුප තනිවම කරගැනිමට හැකියාව ලැබී ඇත.

සමස්ත ලංකා මට්ටමින් පවා චිත‍්‍ර ඇඳ ජයග‍්‍රහණ ලබාගැනිමට තරම් වාසනාව ලැබු කායික අබාධිත සහිත වයස අවුරුදු 11 දියණියක් වන ඇය ලංකාවේ ශිෂ්‍යත්වය විභාගයට පෙනි සිටි දරුවන් අතරින් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගෙන, කාගෙත් කථා බහට ලක් වි ඇත.

පසුගියදා මාවනැල්ල කලාපයට අයත් කොටගල අශෝක පුර විශේෂ පාසල වෙත අද දෙරණ වාර්තාකරු ගමන් ගත්තේ ඇයගේ හපන්කම් මුළු ලංකාවටම කියන අභිප්‍රායෙනි.

අඩු මන්සික තත්ත්වයක් ඇති ළමුන් නේවාසිකව රැක බලා ගෙන පුනරුත්තාපනය කර මෙ මධ්‍යස්ථානය මඟින් ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේය. 

අත් පා ඇති දරුවන්ට සමාජයේ තම අයිතිවාසිකම් සියල්ල අඩුවක් නැතිව ලැබෙන විට අඩු මාන්සික තත්ත්වයන් මත උපදින පිරිස් සඳහා ලැබෙනුයේ අඩු සැලකිල්ලක් සේම පැහැදිලි අනාගත සැලසුමක් නොවේ. 

එසේ හෙයින් විවිධ හැකියාවන් ඔස්සේ ඉදිරියට යන දුවා දරුවන්ට තම හැකියාවන් වර්ධනය කර ගන්නට අවස්ථාව හා අධ්‍යාපනය ලබන්නට පාසලක්ද මෙහි ඇත. 

මෙම පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ ඒ.එස් සිරිවර්ධන ගුරු මහත්මියයි. 

මෙම පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් 5 දෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, කායික අබාධිත තත්ත්වය වැඩියෙන්ම ඇති දිනුෂා දියණියට බලවත්ගම මහා විද්‍යාලයේ තිබු විභාග ශාලාවේදි ප‍්‍රශ්නවලට පිළිතුරු ලියන්නට සිදුව ඇත්තේ කටින් වීම විශේෂත්වයකි.

ස්භාවික ජල උල්පත්වලින් ලැබෙන ජලයෙන් තම ජල අවශ්‍යතා සපුරාගන්නා අතරම මධ්‍යස්ථානය නඩත්තු කිරිම හා මෙහි නේවාසික ළමුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ මධ්‍යස්ථානයට සතුව පවතින රබර් ඉඩ කඩම්වලින් වීම මෙහි ඇති තවත් සුවිශේෂිතාවයකි.