රොනී ලීච්ට ජනපති අවසන් ගෞරව දක්වයි

රොනී ලීච්ට ජනපති අවසන් ගෞරව දක්වයි

October 11, 2018   04:12 pm

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත අද(11) දහවල් ගිය ජනාධීපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රොනී ලීච් මහතාගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපතිවරයා එහිදී සිය සංවේගය පළ කර තිබේ.

රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.