සයුරෙන් එතෙර
පවුලක් පිටින් වසර 50 ක් කැණීම් කරලා හොයා ගත්ත අපූරු දේ
October 11, 2018 02:05 pm
වසර 50කට අධික කාලයක් කැණීම් සිදුකර කැරට් 42ක දියමන්තියක් සොයා ගැනීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ප්රජාපතී නැමැති කාන්තාවක් විසින් සිය පවුලේ සාමාජිකයින්ගේ ද සහය ඇතිව වසර ගණනාවක් ඉන්දියාවේ පැනා හි ක්රිෂ්ණ කල්යාන්පූර් ප්රදේශයේ ඔවුන්ට අයත් ඉඩමක මෙම දියමන්තිය සොයා කැණීම් සිදුකර තිබේ.
එම පවුලේ පරම්පරා 03ක ඇවෑමෙන් අනතුරුව මෙලෙස දියමන්තිය සොයාගැනීමට හැකි වී ඇති බව වාර්තා වෙයි.
මෙම දියමන්තියේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි එකයි දශම පහක් පමණ වන බව සඳහන් වෙයි.
ඉන්දියාවෙන් මේ දක්වා සොයා ගෙන ඇති දෙවන විශාලතම දියමන්තිය මෙය වන අතර මීට පෙර 1961 වර්ෂයේ පැනා ප්රදේශයෙන්ම කැරට් 44ක දියමන්තියක් සොයාගෙන තිබුණි.