ඕස්ට්‍රේලියා-පාකිස්ථාන ටෙස් තරගයේ අවසන් දිනය අද

ඕස්ට්‍රේලියා-පාකිස්ථාන ටෙස් තරගයේ අවසන් දිනය අද

October 11, 2018   01:39 pm

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අදයි.

සිව් වන දිනයට තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 136ක් ලබා සිටියේය.

පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 482ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පළමු ඉනිමේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණයි.
 
යළි පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 06කට ලකුණු 181ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයහ්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනය තුළ තවත් ලකුණු 326ක් ලබාගත යුතුව ඇති අතර ඒ සඳහා ඔවුන්ට කඩුලු 07ක් ඉතිරිව පවතියි.