මධුසමයට ලංකාවට ආපු බ්‍රිතාන්‍ය යුවළ මත් වුණු රාත්‍රියේ කරපු දේ

මධුසමයට ලංකාවට ආපු බ්‍රිතාන්‍ය යුවළ මත් වුණු රාත්‍රියේ කරපු දේ

October 11, 2018   12:43 pm

2017 දෙසැම්බර්යේ දී  මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පැමිණි යුවළක්, තමන් නැවතී සිටි හෝටලය මිල දී ගැනීමට තීරණය කිරීමේ අපූරු පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. 

මෙම පුවත් සේවය පවසන පරිදි 33 හැවිරිදි Gina Lyons සහ 35 හැවිරිදි Mark Lee විවාහ පත්වන්නේ 2017 ජූනි මාසයේ දීය. 

පසුගිය ඔවුන් 2017 දෙසැම්බරයේ මධුසමය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තංගල්ල ප්‍රදේශයේ වෙරළබඩ හෝටලයක නවාතැන් ගනී.

එහි නැවතී සිටි එක්තරා රාත්‍රියක දී අධික ලෙස බීමතින් සිටි මෙම යුවළ එහි සේවකයෙකු සමඟ කථා බස් කර ඇති අතර, එහිදී අදාළ හෝටලයේ බදුකාලය මේ වන විට අවසන්ව ඇති බව දැන ගැනීමට ලැබී ඇත.

මෙම පුවත් වාර්තාව පවසන පරිදි රම් වීදුරු 12 කින් පදම් වී සිටි මෙම තරුණ යුවළ එහිදී ක්ෂණයකින් එම හෝටලට බදු පදනම මත මිල දී ගැනීමට තීරණය කර තිබේ. 

ඒ බ්‍රිතාන්‍ය පවුම් 30,000 ක මිලකටය.

ඒ පිළිබඳ ඔවුන් දක්වා ඇත්තේ මෙවන් අදහසක්.

“අපි හොඳටම බීලා හිටියේ ඒ වෙලාවේ, ඔහු අපිට කිව්වා හෝටලයේ බදු කාලය අවසන් බව. පස්සේ බලද්දී අවුරුද්දකට හෝටලයේ බදු මුදල වෙන්නේ පවුම් 10,000 ක්. ක්ෂණයකින් අපි තීරණය කළා අවුරුදු තුනකට මේ බසදු ගන්න. 

හොඳටම බීලා හිටියත් එය අපි ගත්තු ඉතා ආකර්ෂණීය තීරණයක්.“

අනතුරුව පසුගිය ජූලි 01 දින මෙම ගනුදෙනුවේ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසුව තංගල්ල ප්‍රදේශයේ ඇති මෙම හෝටලය නව නාමකරණයකින් ආරම්භ කර ඇත. 

එහිදී පවුම් 15,000 ක් ගෙවා ඇති ඔවුන් ඉතිරිය 2019 මාර්තු මාසයේ දී ගෙවීමට එකඟ වී ඇත.

කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මේ වෙනුවෙන් පවුම් 7,000 ක් නීති ගාස්තු වශයෙන් සහ තවත් පවුම් 6,000 ක් හෝටලයේ නවීකරණ කටයුතු සඳහා වැයකරන්නට සිදුවූ බවයි.