යුද හමුදා දිනය වෙනුවෙන් මුලතිව්වල වැඩසටහන් රැසක්

යුද හමුදා දිනය වෙනුවෙන් මුලතිව්වල වැඩසටහන් රැසක්

October 11, 2018   07:34 am

යුද හමුදා 69 වන සංවත්සරය වෙනුවෙන් මුලතිව් ප්‍රදේශයේ වැඩසටහන් රැසක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ආර්.ඩබි.ඩබි.ඒ.ඩි.බි.රාජගුරු මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

මුලතිව් සිට මුල්ලියාවේලි දක්වා පරිසරය පිරිසිදු කිරීම, මුලතිව් වෙරළ තීරය පිරිසිදු කිරීම මුලතිව් යුධ හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

පරිසරය පිරිසිදුව තබා ගනිමු මදුරු උවදුරු වළක්වා ගනිමු යනුවෙන් මුලතිව් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මුලතිව් යුද හමුදා නිලධාරීන් වීදි නාට්‍ය මාලාවක් පැවැත්වීමට සිදුකරනු ලැබීය.

මුලතිව් යුධ හමුදා 59 සේනාංකය, 591 බළසේනාව, 592 බළසේනා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන සංවිධානය කොට තිබිණ.

වැඩසටහන් අවස්ථාවට 59 ‍සේනාංකාධිපති මේජර් ජෙනරල් ජි.ආර්.වනිගසූරිය මහතා ඇතුළු යුධ හමුදා නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.